SLWS

Sask Lankan Welfare Society

slws_logo

ශ්‍රී  ලංකාව  වැනි ඈත කුඩා දිවයිනක සිට මෙහි පැමිණ සිටින ඔබ අප සෑම විටෙකම අපගේ දෙමාපිය සොයුරු සොයුරියන් හා නිරතුරුවම සමීප සම්බන්ධතා පවත්වා ගනිමින් ජීවත් වන පිරිසකි. කැනඩාවේ සස්කැචුවාන් ප්‍රාන්තයේ, විශේෂයෙන්ම සස්කටූන් නගරය ආශ්‍රිතව ශ්‍රී  ලාංකික අතිශය බහුතරයක් ජීවත් වන අතර වෙනත් නගරයන්හිද යම් ශ්‍රී ලාංකික පිරිසක් ජීවත් වන බව අප වටහා ගත් කරුණකි. මෑත කාලයේ මෙම නගරයට පැමිණි බොහෝ ශ්‍රී ලාංකිකයන් මෙන්ම අනාගතයේදීද මෙම නගරයට පැමිණෙතැයි හැඟෙන ශ්‍රී ලාංකික පිරිසගේ වර්ධනයක් බැලූ බැල්මට අපට පෙනෙන්නට තිබේ.

මෙහි ජීවත් වන සොයුරු සොයුරියකගේ පවුලේ ඉතාම සමීපතමයෙකුගේ හදිසි කරදරයකදී විශේෂයෙන්ම මරණයක් වැනි අවස්ථාවකදී අනෙකුත් සෙසු ශ්‍රී ලාංකික සහෘදයන් ඔහු හෝ ඇය වෙනුවෙන් නොයෙක් ආකාරයෙන් උදව් උපකාරී වීමට ඉදිරිපත් වෙති. ඒ අතර යම් මූල්‍යමය පරිත්යාගයන් කිරීමටද සෑම විටෙකම කටයුතු කරන බව ඔබ දන්නා තවත් කාරණාවකි. මෙවැනි හදිසි අවස්ථාවකදී මෙහි ජීවත්වන සෑම ශ්‍රී ලාංකිකයකුටම එවැනි හදිසි මූල්‍යමය පරිත්‍යාගයක් කිරීමට අද වඩා සංවිධානාත්මක වැඩපිළිවෙලකට අවකාශයක් මතුව ඇති බව ඉහත කරුණු ගැන යම් සැලකිල්ලක් දැක්වීමේදී පෙනී ගිය කාරණාවකි.

මේ සියළු කරුණු කාරණා ගැන යම් විශ්ලේෂණයක යෙදෙමින් මේ දක්වා කෙරුණු මූල්‍යමය පරිත්‍යාගයන් විධිමත්ව, ක්‍රමවත්ව සංවිධනාත්මකව හා දිගු කාලීනව අරමුණු කරගත් වැඩපිළිවෙලක් ලෙස සස්කැචුවාන් ශ්‍රී ලාංකික (සස්-ලාංකීය ) සුබ සාධක සමිතිය කරළියට පැමිණි බව ඔබට දන්වා සිටීන්නේ අතිශය නිහතමානී වූ ආඩම්බරයකිනි. එහි විස්තර පත්‍රිකාව පහත දෙක්වේ.

මේ වන විට 60කට අධික පිරිසක් මෙම සමිතියට ශක්තිය හා ජීවය සපයමින් ඇති අතර, ඔබ වෙනුවෙන් ඔබ ලගින් ජීවත්වන සෙසු ශ්‍රී ලාංකික සහෘදයකු වෙනුවෙන් පරහිතකාමී ශ්‍රේෂ්ඨ අරමුණක් වෙනුවෙන් මෙම සුබ සාධන වැඩපිළිවෙලේ  ආරම්භක කොටස්කරුවෙකු වීමට අද ඔබටද අවස්ථාවක් උදා වී ඈති අතර, එම උතුම් සමාජ සත්කාරය වෙනුවෙන් ඔබගේ හැකියාව, දායකත්වය, මැදිහත්වීම ලබා දෙන ලෙස අප ඔබට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටින්නෙමු.

We, who originated from a faraway tiny island like Sri Lanka, would never keep distant our close relatives such as parents and siblings as a result of our heritage.  There are many families of Sri Lankan origin lived in the province of Saskatchewan, Canada, particularly in Saskatoon city.  The population with Sri Lankan origin has been rapidly growing for last few years and would definitely continue to grow in coming years.

 

It has been a tradition of our Saskatoon –Sri Lankan community to support morally as well as financially when there is an obituary of a family member of the community or their close relatives (parents).

With the expansion of the community, there was a real need to formalize this tradition to accommodate all Saskatoon –Sri Lankan families fairly and assuredly offer this support to the needy.

After seriously considering this social necessity, with the clear objective of conducting this benevolence task in more organized manner, Sask Lankan Welfare Society (SLWS) was respectfully formed.

There are more than 60 families enrolled by now to the society boosting the morale of this worthy task. It is still not too late to be a member of the society and join hands for this community welfare.

slws_flyer_2015